තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජලය මඟින් රසායනික පොහොර යෙදවීමේ ‘සුහුරු සරු බිම’ ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය තලවාකැලේ ශ්‍රී කොම්බ්ස් වතුයායේදී ආරම්භ කෙරිණි.
වතු ආශ්රිත ජල සම්පාදන ක්‍රම සහ පොහොර යෙදවීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මඟින් තේ දළු නිෂ්පාදනය හා ආදායම වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ඒ අනුව, තලවාකැලේ, මහනුවර, රත්නපුර සහ කහවත්ත යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, තේ පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ජේ. එම්. ද කොස්තා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














