පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උද්‍යාන භූමිය තුළ නිරන්තරයෙන් ගිනි පැතිරීමේ අවදානමක් පවතින බැවින්, පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය අද (09) සිට මේ මස 20 වැනි දින දක්වා තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය වන නිලධාරියා පවසයි.
සංචාරක මහජනතාවගේ සහ වන සත්ත්ව සම්පතේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ කාල සීමාව තුළ උද්‍යානයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. උද්‍යානය යළි විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.














