තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ.
කොළඹදී මෙම හමුව සිදු වී ඇති අතර, එහිදී දෙරටටම පොදු කරුණු සහ ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සංකේතවත් කරමින් අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර තිළිණ හුවමාරුවක්ද මෙහිදී සිදුව තිබේ.














