මීළඟ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ස්ථාවර සංචිතයක් ගොඩනැඟීමේ අරමුණින් ඉදිරි තේරීම් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි. මෑත කාලීන සංචිත වෙනස්කම් සහ ක්‍රීඩක තේරීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එංගලන්ත සංචාරයේ සුදු පන්දු සංචිතයේ උප නායකයා ලෙස චරිත් අසලංක පත්කළේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සහ මනා නායකත්ව අත්දැකීම් සලකා බලා බවත්, කමිඳු මෙන්ඩිස්ට උප නායකත්වය අහිමි වූයේ විනය හෝ දක්ෂතා ගැටළුවක් නිසා නොව පිතිකරණයට වැඩි නිදහසක් ලබාදීමේ අරමුණින් බවත් හෙතෙම පැහැදිලි කළේය. එසේම, ආපසු පැමිණෙන ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමට පෙර දේශීය තරඟයකින් යෝග්‍යතාව තහවුරු කළ යුතු නව නීතියක් හඳුන්වා දී ඇති බවත්, මීළඟ ලෝක කුසලානය සඳහා ප්‍රධාන සංචිතය ඉදිරි සංචාර හරහා ක්‍රමයෙන් සකස් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














