ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව, ඩොලරයක මිලදී ගැනීමේ අගය රුපියල් 324.28 දක්වා ද, විකුණුම් අගය රුපියල් 333.28 දක්වා ද ඉහළ ගොස් ඇති බව මධ්‍යම බැංකු වාර්තා පෙන්වා දෙයි.
පසුගිය දිනවලට සාපේක්ෂව ඩොලරයේ අගය මෙලෙස ඉහළ යාමත් සමඟ, ප්‍රධාන විදේශීය මුදල් වර්ග සහ ගල්ෆ් රටවල මුදල්වල විනිමය අනුපාතවලද සුළු වෙනස්කම් සිදුවී ඇති බව සඳහන් වේ.














