හොංකොං හි සංවර්ධන මණ්ඩලය (HKTDC) සහ හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය එක්ව සංවිධානය කරනු ලබන 11 වැනි “Belt and Road Summit 2026” රාජ්‍ය තාන්ත්‍රික හා වාණිජ සම්මේලනය හොංකොං හි Convention and Exhibition Centre (HKCEC) හිදී ආරම්භ වී තිබේ. සැප්තැම්බර් 09 සහ 10 යන දෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක්වී සිටී.
“Advancing High-Quality Development · Embarking on a New Journey” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සම්මේලනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ආසියානු සහ බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරීම්වලට අයත් රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමයි. මෙහි ප්‍රමුඛතම ප්‍රතිපත්තිමය සාකච්ඡා සභාවට එක් වූ අමාත්‍යවරයා, ගෝලීය අභියෝග හමුවේ කලාපීය වෙළෙඳ සම්බන්ධතා පවත්වාගෙන යාම, ශ්‍රී ලංකාව කලාපීය නාවික සහ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙන්ම දේශීය නිෂ්පාදන සඳහා නව විදේශීය වෙළෙඳපොළවල් විවර කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී පෙන්වා දී තිබේ.














