ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට හානිකර වන කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය භාවිතා කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපතිවරයා අතර අද (සැප්තැම්බර් 09) කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ. දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට මෙහිදී නායකයින් එකඟ වූ අතර, ‘දිට්වා’ සුළි කුණාටු ආපදාවේදී ‘සාගර් බන්ධු’ මෙහෙයුම හරහා ඉන්දියාව දුන් සහය වෙනුවෙන් ජනාධිපතිවරයා ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා ලෙස ඉදිරියටත් අඛණ්ඩ සහය ලබාදෙන බවට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සහතික වී තිබේ.














