වයඹදිග සිරියාවේ ඉඩ්ලිබ් (Idlib) ප්‍රදේශයේ සර්මඩා (Sarmada) නගරය ආසන්නයේ පිහිටි තාවකාලික ආයුධ සහ යුද අතිරික්ත ගබඩා කර තිබූ ස්ථානයක අද (සැප්තැම්බර් 09) සිදුවූ දරුණු පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ වෙනත් ස්ථානයකට ගෙන යාම සඳහා එකතු කර තිබූ පතොරම් සහ යුද අවශේෂ මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි. සිද්ධියෙන් පසු දිගින් දිගටම සිදුවූ අතුරු පිපිරීම් සහ නැගුණු අධික දුමාරය හේතුවෙන් ගිනි නිවීම් හා සහන සේවකයන්ට ගිනි නිවීමේ කටයුතු සිදු කිරීමට දැඩි බාධා එල්ල වී ඇත. මෙම පිපිරීමට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, පසුගිය සැප්තැම්බර් 01 වනදා ද ඉඩ්ලිබ් ප්‍රදේශයේදී අවි පටවාගත් රථයක් පිපිරී යාමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගියහ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














