මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව තෙල් නැව් වෙත එල්ල වන ප්‍රහාර හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.80 දක්වා (2.94%ක ඉහළ යාමක්) ඉහළ ගිය අතර, ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.60 දක්වා ඉහළ ගියේය. ඉරානය, හූති සන්නද්ධ කණ්ඩායම් සහ ඇමෙරිකානු බලකායන් අතර හුරමුස් සමුද්‍ර සන්ධිය සහ රතු මුහුද ආශ්‍රිතව සිදුවන සන්නද්ධ ගැටුම් හේතුවෙන් තෙල් ප්‍රවාහනය දිනකට බරපතල ලෙස පහත වැටී ඇති අතර, පිරිපහදු කළ ඩීසල් සහ ගැසොලින් මිල ගණන් ද ඉතිහාසයේ ඉහළම අගයන් වාර්තා කර ඇත. මෙම තත්ත්වය හමුවේ ගෝලීය උද්ධමනය නැවත ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.














