මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ‘මෙට්‍රො බස් සේවාව’ වෙනුවෙන් ඉදිකළ තුන්වන ඩිපෝ අංගනය අද (සැප්තැම්බර් 09) ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඩිපෝව විවෘත කෙරිණි. මෙම නව ඩිපෝව මූලික කර ගනිමින් ඒකල සිට තලංගම දක්වා කිලෝමීටර් 29.9ක දුරක් ආවරණය වන පරිදි නව මෙට්‍රො බස් රථ 20ක් ධාවනයට එක්කෙරේ. බස් නැවතුම්පොළවල් 21කින් සමන්විත මෙම මාර්ගය ඒකල, ජා-ඇල, කඳාන, වත්තල, පෑලියගොඩ, දෙමටගොඩ, බොරැල්ල, රාජගිරිය සහ බත්තරමුල්ල හරහා තලංගම දක්වා දිවෙන අතර, සැප්තැම්බර් මාසයේ සිට මාර්ග 7ක් ඔස්සේ මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය, ලංගම සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම එක්ව පියවර ගෙන ඇත.














