ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ඩොලර් මිලියන 30ක ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 173.86ක උපදේශක කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රකට තාක්ෂණික ව්‍යවසායක සහ පණිවුඩ හුවමාරු පද්ධති විශේෂඥ සංජීව වීරවරණ මහතා බරපතළ සැක මතුකර තිබේ.
X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් වීරවරණ මහතා පෙන්වා දෙන්නේ අදාළ කොන්ත්‍රාත්තුව හිමි වූ දේශීය සමාගම් දෙක අතුරින් එකක් වන ‘Novel Interdisciplinary Consulting Enterprise’ (NICE) නැමැති සමාගම පිළිබඳ තොරතුරු සැකකටයුතු (“fishy”) බවයි. එම සමාගමේ වෙබ් අඩවියේ ඩොමේනය 2025 මාර්තු මාසයේදී ලියාපදිංචි කර ඇති අතර, එහි අඩංගු ඇතැම් තොරතුරු, ව්‍යාපෘති ලේඛන සහ කළමනාකාරිත්වය පිළිබඳ තොරතුරු දෝෂ සහිත බවත්, අරාබි භාෂාවෙන් යුත් පෝරම එහි අඩංගු බවත් ඔහු අනාවරණය කරයි. පාරදෘශ්‍යභාවය උදෙසා අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ ක්‍රියාවලිය නැවත පරීක්ෂා කරන ලෙස ඔහු රජයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටී.














