රුසියාවේ ප්‍රධානතම ස්වාභාවික ගෑස් නිෂ්පාදන කලාපය වන උතුරු සයිබීරියාවේ නෝවි උරෙන්ගෝයි (Novy Urengoy) නගරයේ පිහිටි කාර්මික සංකීර්ණයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව එහි විශාල ගිනිගැනීමක් හටගෙන ඇති බව යමලෝ-නෙනෙට්ස් (Yamalo-Nenets) ප්‍රාදේශීය ආණ්ඩුකාර දිමිත්‍රි අර්තුකොව් (Dmitry Artyukhov) තහවුරු කරයි. රුසියාවේ ස්වාභාවික ගෑස් නිෂ්පාදන හදවත බඳු මෙම කලාපයට එල්ල වූ ප්‍රථම ඩ්‍රෝන ප්‍රහාරය මෙය වේ.
යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 3,000කට වඩා (හැතැප්ම 1,800ක් පමණ) ඈතින් පිහිටි මෙම නගරය රුසියාවේ නොනිල ‘ගෑස් අගනුවර’ ලෙස සැලකෙන අතර, රුසියානු ඉන්ධන යෝධයකු වන ගැස්ප්‍රොම් (Gazprom) සමාගම මඟින් පාලනය වන ස්වාභාවික ගෑස් ඝනීභවන සකස් කිරීමේ ප්ලාන්ටයක් (Novy Urengoy ZPKT) මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ බව වාර්තා වේ. ප්‍රහාරයෙන් ජීවිත හානි හෝ තුවාල ලැබීම් කිසිවක් වාර්තා වී නොමැති අතර, සිදුවූ හානියේ ප්‍රමාණය ගණනය කරමින් පවතින බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














