යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සාම සාකච්ඡා නුදුරේදීම නැවත ආරම්භ වනු ඇතැයි රුසියාව බලාපොරොත්තු වන බව ක්‍රෙම්ලීන් ප්‍රකාශක දිමිත්‍රි පෙනිස්කොව් (Dmitry Peskov) ප්‍රකාශ කරයි.
පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව දෙරට අතර සෘජු සාකච්ඡා පවත්වා නොමැති අතර, අඩපණ වී ඇති මෙම ක්‍රියාවලිය නැවත සක්‍රීය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් සිය නියෝජිතයින් මොස්කව් සහ කියෙව් නුවර වෙත යැවීමට පියවර ගෙන තිබේ. දෙපාර්ශ්වයටම පිළිගත හැකි එකඟතාවයකට පැමිණීම සඳහා මාර්ග සිතියමක් (Roadmap) සකස් කිරීමට හැකිවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පෙස්කොව් කියා සිටියේ සාකච්ඡා නැවත ඇරඹීම සඳහා රුසියාව සතුවද දේශපාලන කැමැත්තක් පවතින බවයි. එසේම දෙරට අතර සිරකරුවන් හුවමාරු කරගැනීමේ මාතෘකාව ද නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














