ඉරානය සිය න්‍යෂ්ටික නොවන ව්‍යාප්ති වගකීම් (Non-proliferation obligations) කඩකිරීම හේතුවෙන්, වසර 20කට පසුව ප්‍රථම වතාවට ඉරානය පිළිබඳ නඩුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UN Security Council) වෙත යොමු කිරීමේ යෝජනාවක් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) සාමාජික රටවල් 35කින් යුත් පාලක මණ්ඩලය විසින් වැඩිඡන්දයෙන් සම්මත කරගෙන තිබේ.
ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැති පාලක මණ්ඩල රැස්වීමේදී ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් හිමිවූ අතර, රුසියාව, චීනය සහ නයිජර් යන රටවල් 3ක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළහ. රටවල් 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් වන රුසියාව සහ චීනය නිෂේධ බලය (Veto power) හිමි රටවල් වන බැවින් ඉරානයට එරෙහිව සෘජු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති ඉඩකඩ සීමිත වුවද, මෙම පියවර බටහිර බලවතුන් සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් දැඩි කිරීමට හේතු වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














