ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා ඉහළ පෙළේ සාකච්ඡා මාලාවක් කොළඹදී පවත්වා තිබේ.
‘රත්නපුර මැණික් නගරය 2026’ ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉතියෝපියානු වාණිජ මණ්ඩලයේ (ECCSA) උප සභාපති ආචාර්ය අයිනලෙම් අබායිනෙහ් මාමෝ (Dr. Aynalem Abayneh Mamo) මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ෂිරාන් ප්‍රනාන්දු මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා ඇතුළු නිලධාරීන් හමුවී ඇත. දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම, ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවීම සහ ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027′ ප්‍රදර්ශනයට ඉතියෝපියානු ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී එකඟතාව පළ වී තිබේ. මීට අමතරව, මැණික්, පතල් කැණීම් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සමඟ ද B2B සාකච්ඡා පවත්වා ඇත.














