මෙරටට තවමත් එල් නිනෝ (El Niño) තත්ත්වයක් උදා වී නොමැති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් ‘නාරා’ (NARA) ආයතනය සඳහන් කර තිබේ. ඊයේ (09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආචාර්ය සරත් හෙට්ටිආරච්චි කියා සිටියේ, මෑතකදී මත්ස්‍ය අස්වැන්න අඩුවීමට හේතුව එල් නිනෝ තත්ත්වයක් නොවන බවයි.
මේ අතර, උතුරුමැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (10) දින මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.














