අමෙරිකානු ඩොලර් මිලියන 80ක දැවැන්ත මුදලක් නීතිවිරෝධී TT (Telegraphic Transfer) ක්‍රමය හරහා විදේශීය ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මරදාන ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2023 සහ 2025 අතර කාලය තුළ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙම අමෙරිකානු ඩොලර් මිලියන 80ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක) මුදල විදේශ රටවලට යවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.














