මිග් (MiG) යානා මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාට අද (10) උදෑසන 9.30ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන විමර්ශනවලට අදාළව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සහ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.














