‘සිරිලිය සවිය’ පදනම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.
අදාළ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂි සහ තොරතුරු අනාවරණය කර ගැනීම පිණිස ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.














