රත්නපුර, කැටලියන්පල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු පුටුවක ගැටගසා, අලවංගුවකින් හිසට පහරදී සහ ගෙල මිරිකා සාහසික ලෙස ඝාතනය කර තිබේ. මෙම අපරාධය සම්බන්ධයෙන් එම නිවසේ හිමිකාරියගේ සහෝදරයා වන 47 හැවිරිදි පුද්ගලයෙකු රත්නපුර පොලිසියට පැමිණ භාරවී ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැටලියන්පල්ල, කහංගම පදිංචිව සිටි 61 හැවිරිදි හල්පාවලගේ කුලරත්න නමැති අදාළ නිවස බලාගැනීම සඳහා සිටි පුද්ගලයෙකි. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට සැකකෙරෙන අතර, රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් කිත්සිරි අරඹේවත්ත මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර, පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














