පේරාදෙණිය විශ්වවිද්යාලයේ ශාස්ත්ර පීඨයේ පළමු වසර ශිෂ්යයෙක් ඊයේ (09) රාත්රියේ ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ පළමු මහලෙන් බිමට පතිත වීම හේතුවෙන් බරපතළ අසාධ්ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ. හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඔහුව මුලින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර පසුව තත්ත්වය බරපතළ වීම හේතුවෙන් අද පෙරවරුවේ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














