හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරය සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් අතර අගයක් දක්වා වැඩි විය හැකි අතර, මුහුදු ප්රදේශ විටින් විට රළු වීමට වැඩි ඉඩකඩක් පවතී. මේ හේතුවෙන් එම මුහුදු තීරයේ නාවික හා ධීවර කටයුතුවල යෙදෙන පිරිස් වෙත දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.
















