මුතුරාජවෙල ආරක්ෂා කිරීම, මන්නාරම් සුළං විදුලි ව්යාපෘතිය, වතු වැටුප් සහ යාපනය සමූහ මිනීවළවල් ගැන රදගුරු හිමියන්ගෙන් අවධානය
ශ්රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු හිමිවරුන්ගේ අත්සනින් යුතුව රටේ යුක්තිය, සාමය සහ සංහිඳියාව පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මූලික වශයෙන් මුතුරාජවෙල තෙත්බිම් ගොඩකිරීම් වහා නැවැත්වීම, මන්නාරමේ සුළං විදුලි බලාගාර තවදුරටත් පුළුල් නොකිරීමට ගත් තීරණය ක්රියාත්මක කිරීම, වතු සේවක වැටුප් වැඩි කිරීම අගය කිරීම සහ යාපනය සමූහ මිනීවළවල් (චෙම්මණි ඇතුළු) පිළිබඳ අපක්ෂපාතී විමර්ශන පවත්වා සත්යය හෙළිදරව් කරගැනීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි රදගුරු සමුළුව මෙහිදී රජයේ අවධානය යොමුකර ඇත.














