ශ්රී ලංකා-අප්රිකා සබඳතාවල නව පරිච්ඡේදයක් සපථ කරමින් නිර්මලා පරණවිතාන මහත්මිය සිය අක්තපත්ර භාරදෙයි
අප්රිකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිෂන් සභාවේ (UNECA) ශ්රී ලංකාවේ ප්රථම ස්ථාවර නියෝජිතවරිය ලෙස පත් වූ නිර්මලා පරණවිතාන මහත්මිය, එහි විධායක ලේකම් ක්ලැවර් ගැටෙටේ (Claver Gatete) මහතා වෙත සිය අක්තපත්ර භාර දී තිබේ. මෙය ශ්රී ලංකාවේ විදේශ සේවය තුළ කාන්තා නායකත්වය ලැබූ විශාල ජයග්රහණයක් ලෙස සැලකෙන අතර, අප්රිකානු රටවල් සමඟ කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල් තාක්ෂණය, සමුද්රීය ආරක්ෂාව සහ ආපදා කළමනාකරණය යන ක්ෂේත්රවල වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කරගැනීමට මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.














