“කලාව සහ ධනාත්මක මනසින් ජීවිතය දිනමු” තේමාව යටතේ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණිගේ ප්රධානත්වයෙන් ජාතික පාගමනක්
ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයට (සැප්තැම්බර් 10) සමගාමීව, මානසික සෞඛ්යය පිළිබඳ සමාජය තුළ පවතින නිහඬතාව බිඳ හෙළමින් සාධනීය ආකල්ප ප්රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන කොළඹ විහාරමහාදේවී උද්යානයේදී ආරම්භ විය. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය ඉදිරිපිටින් ඇරඹි විශේෂ දැනුවත් කිරීමේ පාගමන මෙහෙයවනු ලැබුවේ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා විසිනි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ මානසික සෞඛ්ය අධ්යක්ෂ වෛද්ය එරංගා රාජපක්ෂ මහත්මිය සඳහන් කළේ මෙරට තුළ වසරකට පුද්ගලයින් 3,100ත් 3,500ත් අතර සංඛ්යාවක් සියදිවි නසාගන්නා බවත්, එම තත්ත්වය වැළැක්වීමට මුල් අවස්ථාවේදීම ප්රතිකාර සඳහා යොමුවීම සහ ‘1926’ ජාතික ක්ෂණික ඇමතුම් සේවාව භාවිත කිරීම අත්යවශ්ය බවත්ය.














