පේදුරුතුඩුව පොලිස් වසමේ ග්රාමකෝට්ට හන්දිය අසලදී ඊයේ (09) සිදු වූ තියුණු ආයුධ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මන්ධිගායි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. කරවෙඩ්ඩි ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මරණකරු සහ පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තුවාලකරු 1990 සුවසැරිය ගිලන් රථය මගින් රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














