සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ බාප්පා වන මෙහොමඩ් අස්මින් මොහිදින් (33) පසුගිය අගෝස්තු 10 වැනි දින කොටහේන ශ්‍රී සංඝරාජ මාවතේ වෙළෙඳසලක් ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය පදවා ආධාර අනුබල දුන් 23 හැවිරිදි තරුණයකු මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඊයේ (09) රාත්‍රී බ්ලුමැන්ඩල් පාරේ 6 වන පටුමග අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වන විට ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 470ක ප්‍රමාණයක් සහ ජංගම දුරකතන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පල්සර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ මෙම අපරාධය සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද (10) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කොටහේන පොලිසිය සහ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
















