අම්පාර, බක්කිඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් රජගලතැන්න රක්ෂිතයේදී සිදු වූ වන අලි ප්‍රහාරයකින් සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (10) පෙරවරු 7.00 ට පමණ නවගිරියාව දෙසට ඇවිදමින් පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, පහරකෑම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව බක්කිඇල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බක්කිඇල්ල සිවිල් ආරක්ෂක බලකායට අනුයුක්තව සේවය කළ, ඊ. උපාලි විජේවර්ධන නමැති 43 හැවිරිදි තිදරු පියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බක්කිඇල්ල පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.















