මන්නාරම දිස්ත්රික්කයේ පේරියමඩු වැවේ වැලි සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී, වලංගු බලපත්ර නොමැතිව නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 21 දෙනෙකු මන්නාරම විශේෂ කාර්ය බලකායේ (STF) සහාය ඇතිව අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 07 වන දින මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














