විශේෂඥයන් 54 දෙනෙකු සහ DNA පරීක්ෂණ කට්ටල ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ රැගත් 8 වැනි ඉන්දීය ගුවන් යානය කත්මණ්ඩු නුවරට ළඟා වෙයි
දරුණු ජලගැලීම් ඛේදවාචකයකට මුහුණ දී සිටින නේපාලයට සහන සැලසීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව ලබාදෙන සහාය තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව, මුදාගැනීම් සහ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් විශේෂඥ නිලධාරීන් 54 දෙනෙකු සහ ටොන් 130 කට අධික සහනාධාර තොගයක් නේපාලය වෙත යැවීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
කත්මණ්ඩු නුවර පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය තහවුරු කළේ සහනාධාර රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් 8 වැනි විශේෂ ගුවන් යානය ද කත්මණ්ඩු වෙත ළඟා වී ඇති බවයි. මඩ සහිත ප්‍රදේශවල භාවිත කරන විශේෂ ඇඳුම්, ශ්වසන උපකරණ සහ DNA පරීක්ෂණ කට්ටල මෙම ආධාර අතර වන අතර, මෙහෙයුම් ප්‍රදේශවල පවතින දැඩි බෑවුම් සහිත ස්වභාවය හේතුවෙන් මෙම උපකරණ අතිශයින් වැදගත් වී තිබේ.














