දකුණු පළාත් සභාවේ 75%ක මූල්ය දායකත්වයෙන් සහ අදාළ ධීවර සමිතිවල 25%ක දායකත්වයෙන් යුතුව, කහඳමෝදර ජලජීවී වගා සංවර්ධන මධ්යස්ථානයෙන් ලබාගත් මිරිදිය ඉස්සන් පසු කීටයන් 100,000ක් මාතර දිස්ත්රික්කයේ වැව් දෙකක තැන්පත් කර තිබේ. ඒ අනුව, දෙනගම වැවෙහි පසු කීටයන් 50,000ක් සහ ඇල්ලෙවෙල වැවෙහි පසු කීටයන් 50,000ක් බැගින් මෙලෙස මුදා හැර ඇත. ප්රදේශයේ අභ්යන්තර ධීවර කර්මාන්තය නංවාලීම සහ ධීවර ප්රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කර ඇත.














