ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ක්රියාත්මක වන මෙම සංචාරයට විස්සයි20, තුන්කොන් එක්දින සහ ටෙස්ට් තරගාවලියක් ඇතුළත් වෙයි
ශ්රී ලංකා ජාතික පිරිමි ක්රිකට් කණ්ඩායම 2026 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පාකිස්තානයේ සංචාරයක නිරත වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය (SLC) නිවේදනය කර තිබේ. මෙම සංචාරය ආරම්භ කරමින් දෙරට අතර T20I (විස්සයි20) තරගාවලියක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන තුන්කොන් එක්දින (ODI) තරගාවලියක් පැවැත්වීමට නියමිතය. සංචාරය අවසන් කරමින් ටෙස්ට් තරග දෙකක් ක්රියාත්මක වේ.














