මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මඩුව ශිරන්ගහවත්ත සහ කළුගල්තැන්න ගම්මානවල ජන ජීවිතයට බාධා කරමින් ගම්වැදී සිටි අලි තිදෙනෙකු ආරක්ෂිතව ඔවුන්ගේ නිජබිම් වෙත රැගෙන යාමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.
අඹන්ගඟ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම මත, පොළොන්නරුව වනජීවී බල ප්‍රදේශයට අයත් රජ්ජම්මන සහ මාතලේ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලවල නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. අඹන්ගඟ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව මෙම වන අලි තිදෙනා යළි ඔවුන්ගේ නිජබිම් වෙත පලවා හැරීමට නිලධාරීන් සමත්වී තිබේ.
















