රිටිගල මෛත්‍රීගම ග්‍රාම නිලධාරී වසමේ තුලාන උල්පත්යාය ගමේ හේනක පිහිටි වගා ලිඳකට වැටී සිටි වන අලියෙක් මොරගොඩ වනජීවී බීට්ටු නිලධාරීන් විසින් ආරක්ෂිතව ගොඩට ගෙන රක්ෂිතයට මුදාහැර තිබේ.
පසුගිය 08 වන දින මෙම වන අලියා ලිඳට වැටී ඇති අතර, ඒ පිළිබඳව ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මෙහෙයුමක් දියත් කර අලියාට කිසිදු අනතුරක් සිදුනොවන ආකාරයෙන් මෙලෙස මුදාගෙන ඇත.
















