ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලංකාවකුට ලියාපදිංචි විය හැකි මෙම නව යෙදුමේ ඇති SOS බොත්තම මඟින් හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ඇතුළත තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට හැකියාව පවතී
හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් “Sri Lanka Police App” නමින් නව ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ. ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙහි ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. මෙහි ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන් අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබාදීමට හැකියාව පවතින අතර, 119 හදිසි ඇමතුම් අංකයට අමතරව මෙම යෙදුම හරහා ද කඩිනමින් තොරතුරු ලබාදිය හැකිය.
දරුවෙකු අනතුරකට හෝ කරදරයකට මුහුණ දී ඇති අවස්ථාවකදී ද මෙම යෙදුම හරහා පොලීසිය දැනුවත් කළ හැකි අතර, Play Store ඔස්සේ මෙහි ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දී ඇත. මෙම යෙදුම අවභාවිත කිරීම වැළැක්වීමට පියවර ගෙන ඇති බවත්, 2025 වසරේදී 119 අංකය අවභාවිත කළ පුද්ගලයින් 91 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















