උපායමාර්ගික වැදගත්කමකින් යුත් සුකාර් දූපත රොකට් ප්‍රහාර සහ ගොඩබිම් සන්නද්ධ ප්‍රහාරයක් මඟින් අල්ලා ගැනීමත් සමඟ හූති කැරළිකරුවන් රතු මුහුදු නාවික කලාපය තුළ තම බලය තවදුරටත් තහවුරු කරගෙන තිබේ.
රොකට් ප්‍රහාර සහ ගොඩබිම් සන්නද්ධ භටයන් එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් පසුව, දකුණු රතු මුහුදේ පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් සුකාර් දූපතේ (Zuqar Island) පාලනය හූති කැරළිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම දූපත අල්ලා ගැනීමත් සමඟ රතු මුහුදු නාවික කලාපය තුළ සිය හමුදාමය සහ උපායමාර්ගික බලය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔවුන් සමත්වී තිබේ.
















