කොග්ගල නිදහස් වෙළඳ කලාපයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික උභයජල (amphibious) යාත්‍රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ සමාරම්භක උත්සවය අද (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී පැවැත්විණි. නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්‍රතිපත්තියට සමගාමීව ‘Ocean Voyager International’ ආයතනය විසින් මෙම යාත්‍රාව නිෂ්පාදනය කර ඇති අතර, එය මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ලෙස සටහන් වේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙතෙක් කතාවට පමණක් සීමා වී තිබූ දේශීය නිෂ්පාදන ආර්ථිකය ප්‍රායෝගිකව ජයග්‍රහණය කරවීම රජයේ ප්‍රමුඛතම වගකීම වන බවය. බෝට්ටු හා නැව් නිෂ්පාදන කර්මාන්තය යනු මෙරටට කෙටි කාලීනව විශාලතම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දිය හැකි ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇති අතර, SLYG සමාගම් සමූහයේ සභාපති පියර් ප්‍රින්ජියර්ස් (Mr. Pierre Pringiers) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















