කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉඩම් දේපළක් සම්බන්ධයෙන් මතු වී ඇති වංචා චෝදනා තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ප්‍රකට මෝටර් රථ රේસ ක්‍රීඩක දිලන්ත මාලගමුව පවසා තිබේ.
“සුදු මිනිස්සු” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර, ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග හරහා සත්‍යය හෙළි වනු ඇති බවට තමන් පූර්ණ විශ්වාසයෙන් පසුවන බවයි. දශක කිහිපයකට අධික කාලයක් පුරා රට වෙනුවෙන් කළ කැපකිරීම් සිහිපත් කළ ඔහු, අධිකරණ තීන්දුව තෙක් ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්වවලින් ඉල්ී සිටී.
කොළඹ ප්‍රදේශයේ වටිනා ඉඩමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන ව්‍යාජ ඔප්පු ගනුදෙනුවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන සිදුකරනු ලබන පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ. කෙසේ වෙතත්, අදාළ චෝදනා සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමක් පැනවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, විමර්ශන නිසි ක්‍රමවේදයට අනුව සිදුකරන ලෙස නියෝග කර ඇත.














