විශේෂ උනන්දුවක් මතුව තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගත් තීරණයකට අනුව අදාළ පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර කියවීමේ විවාදය එළඹෙන සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව දන්වා සිටියි. අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ විනිසුරුවරුන්ගේ සේවා කාලය මෙන්ම වයස් සීමාවන් සංශෝධනය කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.














