සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 25 වැනි සංවත්සරයට සමගාමීව, නිව් යෝර්ක් නගරයේ වරාය උඩින් ආලෝකවත් කරන ලද ඩ්‍රෝන යාත්‍රා 2,977ක් යොදා ගනිමින් නිවුන් කුලුනු ප්‍රතිනිර්මාණය කරමින් ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කර තිබේ.
“2,977 Lights Over New York Harbor” නමින් හැඳින්වෙන මෙම අපූරු දර්ශනීය ඩ්‍රෝන සංදර්ශනය බදාදා රාත්‍රියේ පවත්වන ලද අතර, එහි එක් එක් ආලෝක ධාරාවකින් 9/11 ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 2,977 දෙනාගෙන් එක් අයෙකු නිරූපණය කෙරිණි. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, දිවි ගලවා ගත්තවුන් සහ මුල්පෙළේ සේවාවන්හි නියුතු නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම කලා නිර්මාණය සංවිධානය කර තිබූ අතර, මෙම සංවේදී සංදර්ශනය නැරඹීම සඳහා විශාල ජනකායක් එක්ව සිටියහ.














