යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පිහිටි පව්ලොහ්‍රාඩ් නගරයේ සාප්පු සංකීර්ණයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස්, තවත් 67 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් පවසයි.
මහජනතාවගෙන් මාවත් පිරී පැවති දහවල් කාලයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් වෙළඳසැල් සහ වාහන රැසකට දැඩි හානි සිදු වී ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අයිවාන් විහිව්ස්කි සඳහන් කර තිබේ. යුක්‍රේන මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම සතිය මුලදී සැපෝරිෂියා සහ සුමි නගරවල පිහිටි තවත් සාප්පු සංකීර්ණ දෙකකටද මෙგැනිම රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වී ඇත.














