ඇමරිකානු සංගීතඥයෙකු, ගායකයෙකු සහ ’98 ඩිග්‍රීස්’ (98 Degrees) සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා වන ජෙෆ් ටිමන්ස් (Jeff Timmons) මහතා එළඹෙන 13 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් සඳහා සහභාගී වීම පිණිස ඊයේ (10) දිවයිනට පැමිණ තිබේ.
කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වෙන මෙම ප්‍රසංගයෙන් ලැබෙන සියලුම ආදායම ශ්‍රී ලංකාවේ මානසික ආබාධවලින් පීඩා විඳින දරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය. තෝරාගත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඒ මහතා සමඟ ඔහුගේ පුත්‍රයාද මෙම සංචාරයට එක්ව සිටියි.















