කතානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදුකරනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සභාගැබ තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
අදාළ උණුසුම්කාරී වාතාවරණයෙන් අනතුරුව, සවස් කාලයේ කතානායකවරයා සිය නිල කාමරය වෙත ගිය අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙනෙකු එහි ගොස් සාකච්ඡා කර ඇති බව dark room ෆේස්බුක් පිටුව සදහන් කරයි. මෙම පවතින ගැටලුකාරී තත්ත්වය සමනය කරගැනීම සඳහා කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතාව ධුරයෙන් ඉවත් කරන ලෙස මන්ත්රීවරුන් එහිදී ඉල්ලා සිටි බව ද එහි සදහන් වේ.
කෙසේ වෙතත්, එම ඉල්ලීම සෘජුවම ප්රතික්ෂේප කර ඇති කතානායකවරයා, “චමීරව විතරක් යවන්න බෑ. අපි දෙන්නා එකට ආවේ, යනවා නම් දෙන්නම එකට තමා යන්නේ,” යනුවෙන් සිය ස්ථාවරය තදින්ම ප්රකාශ කර ඇති බව dark room ෆේස්බුක් පිටුව සදහන් කරයි.
මේ අතර, පාර්ලිමේන්තුවේ හටගත් මෙම නොසන්සුන් තත්ත්වය පිළිබඳව දැනගැනීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද කතානායකවරයා දුරකථනයෙන් අමතා ඇති අතර, පවතින අර්බුදකාරී තත්ත්වය ඉක්මනින්ම නිරාකරණය කරගන්නා ලෙස පවසා ඇති බව එම ගොසිප් පිටුවේ සදහන්ය.














