ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භ කරන ලද ඓතිහාසික කැන්ඩි ක්ලබ් ආයතනයට සියවස් එකහමාරක් පිරීම නිමිත්තෙන්, එහි ඉතිහාසය ඇතුළත් විශේෂ ග්රන්ථයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා වෙත පිළිගන්වා තිබේ.
ආයතන පරිශ්‍රයේදී පැවති උත්සවයකදී කැන්ඩි ක්ලබ් ආයතනයේ සභාපති පාලිත පෙතියාගොඩ මහතා විසින් මෙම කෘතිය, එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුද වන ගුවන් හමුදාපතිවරයා වෙත ප්රදානය කර ඇත.
මෙම අවස්ථාව සඳහා කැන්ඩි ක්ලබ් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
















