ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක “යතිවර මාපිය” නිවාස ආධාර වැඩසටහන ලබන 19 වනදා බදුල්ලේදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය පවසයි.
ශාසනයට දරුවන් පූජා කළ, ස්ථිර නිවසක් නොමැති දෙමාපියන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක නැවත අය නොකරගන්නා රජයේ නිවාස ආධාරයක් මත මෙම නිවාස ඉදි කර දෙනු ලබන අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මූල්‍ය දායකත්වය සපයනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් තාක්ෂණික සහය හිමිවේ.
















