පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් 17 වන දින දක්වා දීර්ඝ කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළ අතර, කාරක සභාවට අදාළ කරුණු වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102ක ප්‍රකාරව මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















