සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කිරීමට නියමිත පුළුල් වෙනස්කම්වල එක් පියවරක් ලෙස, පාසල්වල විෂය කාලච්ඡේදයක් විනාඩි 40ක් දක්වා සංශෝධනය කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් යෝජනා කර ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටු රැස්වීමේදී මේ බව සාකච්ඡා කර ඇත.
මෙම ප්‍රතිසංස්කරණ යටතේ මේ වසරේදී 1 ශ්‍රේණිය සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, 2 සහ 6 ශ්‍රේණි සඳහා වන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. විනාඩි 40ක කාලච්ඡේද හඳුන්වා දීමට අමතරව පාසල් පැවැත්වෙන කාලසීමාවන්හිද යම් යම් වෙනස්කම් සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා මෙහිදී පෙන්වා දී ඇත.
















