ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු ක්ෂේත්රයේ සමාගමක් වන Treinetic (Pvt.) Ltd සිය 12 වැනි සංවත්සරය සනිටුහන් කරමින් නව ආගන්තුක සත්කාර සහ ජීවන රටා ව්‍යාපාරයක් වන The Legends Lounge මාලබේදී විවෘත කර තිබේ.
සැප්තැම්බර් 9 වැනිදා විවෘත කළ මෙම නව ස්ථානය හරහා Treinetic සමාගම තාක්ෂණික ක්ෂේත්රයෙන් ඔබ්බට සිය ව්‍යාපාරික ක්‍රියාකාරකම් පුළුල් කරමින් ආහාර, කෝපි, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව, රැකියා සහ විවේකය යන අත්දැකීම් රැසක් එකම ස්ථානයකදී ලබාදීමට කටයුතු කර තිබේ.
The Legends Lounge සකස් කර ඇත්තේ ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කළ ආහාර සහ පාන වර්ග, සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් පාරිභෝගිකයන් සඳහා සුදුසු තේරීම් සහ විශේෂිත පාන වර්ග ඇතුළත් අත්දැකීමක් ලබාදීමේ අරමුණෙනි.
එමෙන්ම පාරිභෝගිකයන්ට මෙහිදී ආහාර සහ පාන භුක්ති විඳීමට පමණක් නොව, වැඩ කිරීමට, අධ්‍යයනය කිරීමට, මිතුරන් සමඟ කාලය ගත කිරීමට සහ විවේකීව සිටීමට පහසු පරිසරයක්ද නිර්මාණය කර තිබේ.
Treinetic සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Imal Hasaranga Perera සඳහන් කළේ ගුණාත්මක අමුද්‍රව්‍යවලින් සකස් කළ ආහාර විශ්වාසයෙන් යුතුව භුක්ති විඳීමට හැකි ස්ථානයක් පිළිබඳ පෞද්ගලික අවශ්‍යතාවක් මෙම ව්‍යාපාරික අදහසට මූලික වූ බවයි.
සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් යුතුව ආහාර සහ පාන ලබාදීමත්, නැවත නැවත පැමිණීමට කැමති වන ආකාරයේ අත්දැකීමක් නිර්මාණය කිරීමත් සිය අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Treinetic සමාගම මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු ක්ෂේත්රයේ වසර 12ක ගමන සම්පූර්ණ කරන අවස්ථාවේදී The Legends Lounge විවෘත කිරීම එහි නවෝත්පාදන සහ නව අත්දැකීම් අත්හදා බැලීමේ සංස්කෘතිය තවදුරටත් පිළිබිඹු කරන පියවරක් ලෙසද සැලකේ.
තාක්ෂණික ක්ෂේත්රයේ සිය අත්දැකීම් සමඟ නව ආගන්තුක සත්කාර සහ ජීවන රටා අත්දැකීමක් එක්කරමින් The Legends Lounge හරහා නව ව්‍යාපාරික පරිච්ඡේදයකට පිවිසීමට Treinetic සමාගම කටයුතු කර තිබේ.














