ශ්‍රී ලංකා යුද හමුදාවට කෘත්‍රිම බුද්ධි (AI) රසායනාගාරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව සහයෝගය ලබා දෙන බව දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ్නාත් සිං මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘උදයගිරි’ නෞකාවේ පැවති පිළිගැනීමේ උත්සවයකදී මෙම අදහස් පළ කළ අතර, එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඉතා සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු L70 තුවක්කු උසස් කිරීම ඇතුළු ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද මෙහිදී අත්සන් කර ඇති අතර, මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී ඇත.













