දුම්රිය සාමාන්යාධිකාරී රවීන්ද්ර පත්මප්රිය මහතා විසින් සිදු කරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් රාජ්ය සේවා වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයෝ අද (11) ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කළහ.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම්වරයාගෙන් ප්රශ්න කිරීම සහ පසුව මාධ්ය වෙත සමාව අයැදීමට සැලැස්වීම ඇතුළු සිදුවීම් මාලාවක් මුල් කරගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. දුම්රිය සාමාන්යාධිකාරීවරයාගේ ක්රියාකලාපය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන වෘත්තීය සමිති නායකයෝ, පද්ධතිය තුළ පවතින තාක්ෂණික දෝෂ නිවැරදි කිරීමට අපොහොසත් වීම සහ නිතර දුම්රිය සේවාවන් ප්රමාද කිරීම මෙන්ම අවලංගු කිරීම සම්බන්ධයෙන්ද චෝදනා නගති. අදාළ සිදුවීම් සහ චෝදනා මත පදනම්ව කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස ඔවුන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.















